Technology News

ෆෝන් එක ඕවර්චාර්ජ් වීම වලක්වන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක.



බගේ ස්මාර්ට් ෆෝන් එක සම්පූර්ණයෙන්ම චාර්ජ් වීමෙන් පසුව තව තවත් චාර්ජ් කිරීමෙන් උපාංගය අධික ලෙස රත් වීමට පුළුවන. ඇතැම් විට පුපුරා යාමට පවා ඉඩකඩ ඇත. එමනිසා ස්මාර්ට් උපාංග ඕවර්චාර්ජ් වීම වැලැක්වීමට අප හදුන්වා දෙන්නේ 'Full Battery Alarm' නම් ඇප් එකයි. මෙම ඇප් එකේ ප්‍රධාන option කිහිපයක් දැකගන්න පුළුවන්. මෙහිදී ඔබට බැටරිය උපරිම වශයෙන් ආරෝපණය වී අවසන් වූ විට එය ඔබට දැන්වියයුතු ක්‍රම තෝරාගත හැක. Ringtone නාද වීම, Vibrate , Flasher දැල්විම වගේ ඔබට අවශ්‍ය පරිදි වෙනස් කළහැක.




 තවද ඔබට මෙහි Setting වෙත ගොස් විවිධ සැකසුම් සිදු කළ හැකිය. Auto Startup on reboot මගින් උපාගංය නිවා දැමීමෙන් පසුව නැවත පණ ගැන්විමේදී ඇප් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට මෙය තේරිය යුතුය. Ring Alarm on silent mode මගින් දුරකතනය silent කර තිබියදී වුවද Alarm නාද විය යුතුනම් මෙය තේරිය යුතුය. Select ringtone මගින් නාද විය යුතු එලාම් නාදය තේරිය හැක.

දැන් ඔයාලට තේරෙනවා ඇති කාර්යබහුල අවස්ථාවල දුරකතනය ඕවර්චාර්ජ් විම වලක්වා ගැනීමට මේ ඇප් එක කොතරම් ප්‍රයෝජනවත් වෙනවාද කියල. ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇප් එක බාගත කිරීමට මෙතනින් පිවිසෙන්න.

ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය.


අපි මෙච්චර කල් ෆෝන් එකට රීචාජ් කාඩ් දැම්මේ කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කිරීමෙන්. මේ හඳුන්වාදෙන Recharge අැප් එක ෆෝන් එකට දාගත්තම


රීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ. シ රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු ගමන් ස්වයංක්‍රීයව PIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම රීචාජ් කිරීමට පුළුවන්. වෙනදා මෙන් රීචාජ් කාඩ් එකේ PIN අංකය Activate කරගන්න දුරකථන සමාගම් වලට මැසේජ් යවන්න, කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙම අැප් එක ඩයලොග්මොබිටෙල්හච්, එටිසෙලාට් සහ එයාටෙල් ජාල සදහා පමණක් වලංගු වේ.

බලන්න ස්ක්‍රීන්ශොට්.


අවශ්‍ය නම් Pin අංකය මේ හරහාම වෙනත් කෙනෙක්ට යවන්නත් පුළුවන්. ඔබේ වටිනා කාලයත් ඉතිරි වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින්පිවිස බාගන්න.

ජංගම දුරකථනයෙන් පිරිත් අහන්න ඇප් එකක්.

.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරිම පුදුම දෙයක්‌. අපිට අදහාගන්න අමාරු තරම්ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා, සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා, ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා, චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා, සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා, ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. මේ පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක්‌ නෙවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්‌.


මේ පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා, ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි. ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත. මෙහි ඇති පිරිත් සහ ගාථා.
  • මහ පිරිත.
  • සෙත් පිරිත.
  • ධම්මචක්ක සූත්‍රය.
  • ජය පිරිත.
  • සීවලී පිරිත.
  • ධජග්ග සූත්‍රය.
  • ජල නන්දන පිරිත.
  • අන්තරාය නිවාරන පිරිත.
  • රත්නමාලී යන්ත්‍රය.
  • ජත්ත මානවක ගාථා.
  • අංගුලිමාල පිරිත.
  • ජනපඤ්ජරය.
  • ඇනවුමි පිරිත.
  • වට්ටක පිරිත.
  • දස දිසා පිරිත.
  • බෝධි පූජා.
මෙතනින් ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ඇප් එක බාගන්න